පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වසා දමන්නේ නෑ..ඇමති බන්දුල

අගෝ 18, 2021

    පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය,කුමන තත්වයක් යටතේ වුවද,වසා තැබීමට ක්‍රියා නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඊයේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි,අමාත්‍යවරයා මේබව කියා සිටියේ.

    කොවිඩ් වසංගත තත්වය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමෙන් පසු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සිදු කෙරෙන ආකාරය සොයා බැලීම සඳහායි,අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක එක් වුණේ.

    එහිදී තොග වෙළෙඳාම පවත්වා ගෙන යාමට වෙළෙදුන්ට ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමග සාකච්ජා කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කිසිඳු හිඟයකින් තොරව

    ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තොග වෙළෙඳුන්ට උපදෙන් දුන්නේය.

    අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ හා වෙළෙඳ සංගමයේ නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

    Latest News