අවසන් කුඹල් පෙරහර අද

අගෝ 17, 2021

    මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද රාත්‍රී විථි සංචාරය කිරීමට නියමිතයි. 

    සිව්වැනි කුඹල් පෙරහර ඊයේ ආරම්භ කෙරුණේ,පස්වරු 7.07ට යෙදුණු සුබ මොහොතින්.

    පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර පෙරහර ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන්නේ,සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනූවයි.

    ඊයේ සිව්වැනි කුඹල් පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවේ,රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියායි. ශ්‍රී දළදා මාලිගාවේ සිංහරාජා හස්තියා සහ

    කැළණිය රජමහා විහාරස්ථානයේ කණ්ඩු හස්තියා දෑලේ ඇතුන් ලෙස ගමන් කළේය.

    පෙරහර දළදා වීදිය,කටුගොඩැල්ල වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවදීම සිදු කෙරිණ.

    Latest News