රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලයි

අගෝ 16, 2021

    යුද හමුදාව සහ පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව විසිවන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා සෙබළුන් සහ කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව අලුත්වෙල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
    එම ගංජා හෙනේ උස අඩි තුනත් හතරත් ආසන්න උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් හාරදහසකට වඩා තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බව පොලිසිය පැවසීය.
    ගංජා හේන වගා කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි.
    සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිත අතරකුඩාඔය පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News