විවාහ මංගල උත්සව හෙට සිට නැවත දැනුම් දෙනතුරු තහනම්

අගෝ 16, 2021

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම දෙනතුරු විවාහ මංගල්‍ය සදහා අවසර ලබානොදිමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව නිවෙස්වල හෝ උත්සව ශාලාවල කිසිදු විවාහ මංගල උත්සවයක් පැවැත්විය නොහැකිය.

    ජනයා ඒකරාශි වන කිසිදු අවස්ථාවකට ද අවසර හිමිනොවේ. එමෙන්ම අවන්හල්වල වරකට රැස්විය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් සියයට පනහකට නොවැඩි පිරිසකට පමණි.

    ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් ද හැකිතාක් දුරට වැලකිය සිටිය යුතු බව කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Latest News