තවත් ෆයිසර් එන්නත් ලක්ෂයක් දිවයිනට

අගෝ 16, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ.

    අද අලුයම 2.30ට පමණ කටාර් ගුවන් සේවය අයත් ගුවන් යානයකින් රැගෙන ආ එන්නත් තොගය ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ ඒකකයේ ඇති අධි ශීතකරණවල ගබඩා කළ බව අප වාර්තාකරු සඳහන් කරයි.

    අමෙරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදනයක්වන මෙම එන්නත් මූලික වශයෙන් ලබා දෙනුයේ විදෙස් රැකියා සහ විදෙස් අධ්‍යාපනය සදහා දිවයිනෙන් බැහැරව යන පුද්ගලයින් සඳහා බව ද වාර්තාවේ.

    Latest News