ලබන 17 සිට විවාහ උත්සව තහනම් කෙරේ

අගෝ 15, 2021

    අගෝස්තු 17 ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙන බව,යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මේ තීරණය ගෙන තිබේ. එමෙන්ම අද මධ්‍යම රාත්‍රී සිට ජනයා ඒකරාශීවන කිසිඳු අවස්ථාවකට ද අවසර නොලැබෙයි.

    අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 50%කට නොවැඩි පිරිසකට පමණයි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Last modified on ඉරිදා, 15 අගෝස්තු 2021 15:32

    Latest News