එන්නත්කරණ වැඩසටහන අදත් ක්‍රියාත්මකයි

අගෝ 15, 2021

    එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් සාර්ථකව සිදු කෙරේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වයෝවෘද්ධ පුද්ගලයින්ට ජංගම රථ මගින් එන්නත් ලබාදීමේ වැඩසටහක් ද ක්‍රියාත්මකයි.

    හෝමාගම, මහරගම, කොට්ටාව, නුගේගොඩ, කොහුවල, දෙල්කඳ, මිරිහාන, පාදුක්ක, හංවැල්ල, තලංගම, මීපේ, නවගමුව යන ප්‍රදේශවල ජනතාවට ජංගම රථ මගින් එන්නත් ලබාදීම අද සිදු කෙරේ.

    නවගමුව, අතුරුගිරිය, වැලිකඩ, ජයවර්ධනපුර, කහතුඩුව, බොරලැස්ගමුව, මු‍ල්ලේරියාව සහ ගොතටුව යන ප්‍රදේශවල ජනතාවට ද අද එන්නත් ලබාදීමට නියමිතයි. ඊට ජංගම රථ 10ක් සහ ගිලන් රථයක් යොදවා තිබේ.

    Latest News