පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට නීතිය දැඩිව (වීඩියෝ)

අගෝ 14, 2021
  • පළාත් අතර සංචරණ සීමා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනූව සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද (14) දිනයේ සිට ක්‍රියාත්මකයි.

    සෞඛ්‍ය,වරාය,ගුවන්තොටුපොළ ඇතුළු අත්‍යවශ්‍ය සේවා සහ කෘෂිකර්මාන්තයේ හා ඇඟළුම් කර්මාන්ත ශාලාවල රැකියාවේ නිරත අයට පමණයි.

    පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද නතර කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. පළාත් අතර ගමන්කරන වාහන පරික්ෂා කිරීමට සෑම පළාත් මායිම් වශයෙන් මාර්ග බාධක පිහිටුවා තිබේ.

    බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන සියලු ප්‍රධාන මාර්ග,අතුරු මාර්ග,පාළම් ආදිය ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක යොදා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 14 අගෝස්තු 2021 12:23

    Latest News