අමෙරිකාව සංචාරක සීමා ලිහිල් කරයි

සැප් 21, 2021

    අමෙරිකාවේ මෙතෙක් පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

    එන්නත් දෙකම ලබා ගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදේශ සංචාරකයින් හට නොවැම්බර් මස සිට අමෙරිකාව වෙත පියාසර කිරීමට මෙමගින් අවසර ලැබෙන බව වාර්තා වෙයි.
    පසුගිය වසරේ මුල් භාගයේ සිට අමෙරිකාව තුළට ගමන් කිරීම සඳහා දැඩි සීමා පනවා තිබිණ.

    නව ලිහිල් කිරීම් සමග කොරෝනා වෛරසය පිළිබඳ කරනු ලබන පරීක්ෂණ වාර්තා හා ආසාදිතයන් සමග සිදු වූ සම්බන්ධතා පිළිබඳ සෞඛ්‍ය අංශ සැළකිල්ලට ගැනේ.

    විදේශ සංචාර සඳහා පෙර පැවති දැඩි නීති ලිහිල් කරන මෙන් යුරෝපානු රටවල් විසින් කළ ඉල්ලීම සළකා බලා මෙම තීරණයට එළඹුුණු බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ  කර තිබේ.

    එමගින් සීමාවන්ගෙන් වෙන් වූ පවුල් සහ මිතුරන් නැවත එක්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    Latest News