පළාත් අතර සංචරණය සති 2කට තහනම්

අගෝ 14, 2021

    ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුද හමුදාපතිවරයා කියා සිටියේ, පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවන බවයි. නමුත් කෘෂිකර්මය, වරාය, ඇගලුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ සීමා බල නොපැවැත්වෙයි.

    එම ක්ෂේත්‍රවලට අදාළව සේවා ස්ථානවලට කැඳවන පිරිස් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට තීරණය කළ හැකි බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.

    යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මේ අතර සැප්තැම්බර් 15 වැනිදා සිට පොදු ස්ථානවල ගැවසීමේදී වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සඳහන් කාඩ්පත පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.

    ඒ අනුව, එම කාඩ්පත නොමැතිව පොදු ස්ථානවලට පිවිසීමට අවසර නොලැබෙන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

    Latest News