මන්නාරම සමූහ මිනීවලේ කාලනීර්ණ වාර්තාව හෙට

පෙබ 13, 2019
    මන්නාරම සමූහ මිනී වලේ කැණීම් පිළිබඳ කාලනීර්ණ වාර්තාව හෙට (14) ලැබීමට නියමිතව ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පවසයි.
    අදාළ අස්ථි පිළිබඳ වාර්තාව ලබාගැනීම සඳහා අස්ථි කොටස් අමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ පිහිටි කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාරයක් වෙතය යැවීමටයි පියවර ගත්තේ පසුගිය ජනවාරි 23වනදා ය.
    රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවල සම්බන්ධයෙන් 144 වන දිනට අද(13) පරීක්ෂණ පවත්වන බවයි. මිනිවළ තුළින්  මිනිස් සිරුරු 315 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 307 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 26 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව සදහන් වේ. 
    මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි ඉකුත් මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

    Latest News