දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් ගිනි ගනී (වීඩියෝ)

අගෝ 11, 2021
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් ඊයේ රාත්‍රී ගිනි ගෙන ඇති බව අධිවේගී මාර්ග රථවාහන පොලිසිය සඳහන් කරයි.


    එම වෑන් රථය ඊයේ රාත්‍රී 9.15 ට පමණ කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසලදී හදිසියේ ගිනි ගැනීමට ලක් වීමෙන් සම්පූර්ණම විනාශ වි ඇත.

    කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් එකවරම දුමාරයක් හටගෙන ඇති අතර මද වේලාවකින් ගින්න හටගත් බව එහි රියැදුරු පොලිසියට ප්‍රකාශ කර ඇත. ගින්නෙන් වෑන් රථ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැති අතර වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බවත්, ගින්නෙන් රුපියල් ලක්ෂයක් පමණ අඩංගුව තිබූ ඔහුගේ මුදල් පසුම්බිය ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදී කඩුවෙල දෙස සිට ගාල්ල දෙසට ගාව ධාවනය වූ වාහනවලට තරමක බාධාවක් ඇති වූ බව ද වාර්තා වෙයි.

    දක්ෂිණ අධිවේගේ රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    Last modified on බදාදා, 11 අගෝස්තු 2021 08:54

    Latest News