තැපැල් සේවය දින 4කට සීමා කෙරේ

අගෝ 10, 2021

    තැපැල් සහ උප තැපැල් කාර්යාල සේවා කටයුතු සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ඒ අනුව තැපැල් හා උප තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක් විවෘතව පවතී.

    මධ්‍යම තැපැල් හුවමාරුව මඟින් ඉටුකරනු ලබන ඊඑම්එස් ජාත්‍යන්තර කුරියර් සේවාව, ස්පීඩ් පෝස්ට් සේවාව, විදේශ පාර්සල් සේවාව හා මුද්දර මුද්‍රා යන්ත්‍ර අංශය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති.

    වැඩබලන තැපැල්පති එච්. හේවගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පවතින කොවිඩ් -19 වසංගතය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

    Latest News