තැපැල් සේවයත් ඇරඹීමට සූදානම්

අප්‍රේ 20, 2020

    මෙතෙක් ක්‍රියාත්මක නොවූ තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    රටේ සාමාන්‍ය පරිදි ප්‍රවාහන කටයුතු යථාවත් වන තුරු තැපැල් සංසරනය වීමට ප්‍රමාදයට ලක්වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ගුවන් ගමන් හා නැව් ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් නැවත දැනුම් දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ කාර්යාල කවුලු මගින් භාර නොගන්නා බවත් ඔහු පවසයි. මහජනතාව සේවා ලබා ගැනීමට පැමිණීමේ දී සෞඛ්‍ය අංශ උපදෙස් අනූව කටයුතු කළ යුතු බවත් තැපැල්පති පෙන්වා දෙයි.

    Latest News