ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අදත් උද්ඝෝෂණ

අගෝ 05, 2021

    රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී මියගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ කම්කරුවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා.

    වතුයායේ දෛනික සේවයේ නිරත වීමට ප්‍රථම ඔවුන් උදේ අටේ සිට පැයක කාලයක් විරෝධතාවයේ නිරත වී තිබෙනවා. වතු කම්කරුවන් කියා සිටියේ දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අධිකරණය හමුවට පමුණුවා වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසයි.

    Latest News