ඉෂාලිනී දැරිය ගිනි තබා ගත් බවට CCTV දර්ශන නැහැ

අගෝ 06, 2021

    මියගිය ඉෂාලිනී දැරිය ගිනි තබා ගත් බවට හෝ ගින්න නිවූ බවට කිසිදු දර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සවි කර ඇති සීසීටීවී කැමරාවල සටහන්ව නැති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

    දැරියගේ සිරුර ගිනි ගෙන තිබෙන අන්දම දුටු ආසන්න නිවෙසක නිවැසියන් විසින් නිවා දැමූ පසු ඇය නිවෙස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිටි බවට ප්‍රකාශවලින් හෙළි වූ බව පවසන පොලිසිය ඒ බව තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සීසීටීවී කැමරාව නිරීක්ෂණය කළ බවත් එම කැමරාවද ක්‍රියා විරහිත වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මේ නිවෙසේ කැමරා 16ක් සවි කර තිබුණද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මකව ඇත්තේ කැමරා 14ක් පමණක් බව අනාවරණය වී ඇති අතර, අනෙක් කැමරා දෙක අක්‍රීය වී තිබීමට හේතුව මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින බදියුදීන් මහත්මියගෙන් ප්‍රශ්න කර ඇති අතර, බදියුදීන් මහතා පොලිස් භාරයේ සිටින නිසා පිටස්තර කිසිවකු නිවෙසට ගෙන ඒමට කටයුතු නොකළ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    Latest News