සියඹලාණ්ඩු සූර්ය විදුලි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

අගෝ 04, 2021

    සියඹලාණ්ඩුව සූරිය විදුලි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ව්‍යාපෘති භූමියේ අනවසර වගාකරුවන් ඉවත් කර වගාවට සුදුසු වෙනත් ස්ථාන ලබා දෙන ලෙසයි, රාජ්‍ය අමත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

    මෙගාවොට් 100 ධාරිතාවයෙන් යුත් එම සූර්ය විදුලිබල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජාවක් දුමින්ද දිසානායක,විමලවීර දිසානායක හා ශෂින්ද්‍ර රාජපක්ෂ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

    සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී හෙළි වූයේ, ව්‍යාපෘති භූමියේ අනවසර වගා කිරීම් නිසා එය ක්‍රියාත්මක කිරීම පමා වීමට හේතු වී ඇති බවයි.

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනූව වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීම අරමුණයි.

    ඊට අදාළ සියලු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමටයි, එම රාජ්‍ය අමාත්‍යාංශය කටයුුතු කර ඇත්තේ.

    Latest News