“දක්ෂිණාලෝක” සූර්ය බල විදුලි ව්‍යාපෘතිය

අගෝ 12, 2022

    දකුණු පළාත් සභාවේ, විදුලි බල අමාත්‍යාංශය පළාතේ රාජ්‍ය ආයතන ආවරණය කරමින් ආරම්භ කර ඇති සූර්ය බල විදුලි ව්‍යාපෘතිය, පසුගියදා එම ආයතන වෙත පවරා දුන්නා.

    එම ව්‍යාපෘතිය ‍නම් කර ඇත්තේ, “දක්ෂිණාලෝක” නමින්.

    2016 වසරේ ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතිය, මේ වන විට පළාතේ රාජ්‍ය ආයතන 109 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරෙනවා. පාසල් 50 ක්, රාජ්‍ය ආයතන 45 ක් සහ ප්‍රධාන බස්නැවතුම්පොළවල් 14 ක් ඊට ඇතුළත්. පළාත් සභාවේ වියදමින් මේ දක්වා මෙම විදුලි ව්‍යාපෘතිය පවත්වාගෙන එමින් තිබූ අතර, ඒවායේ හිමිකාරිත්වය අදාළ ආයතනවලටම පසුගියදා පවරා දෙනු ලැබුවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් ඒ ද සොයිසා, පළාත් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News