ජනපති පාර්ලිමේන්තුවට

අගෝ 04, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

    පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා සභානායක, දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් පිළිගැනුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා සමග පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියහ.

    සභා ගර්භය තුළ රැඳී සිටිමින්ස්ථාවර නියෝග යටතේ යොමු කෙරෙමින් තිබූ වාචික ප්‍රශ්න වෙත සවන් දුන් ජනාධිපතිතුමා අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සමග සුහද කතා බහක නිරත විය.

     

    Last modified on බදාදා, 04 අගෝස්තු 2021 15:15

    Latest News