ධාරානිපාත වර්ෂාව නිසා මාවුස්සාකැලේ වාන් දොරටු 03ක් විවෘත කරයි

ඔක් 11, 2021

    මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අඟල් 03 බැගින් අද (11) පෙ.ව. 06.30 ට විවෘත කළ බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.



    මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත්ත කිරීමත් සමග කැනියොන්, ලක්ෂපාන හා විමලසුරේන්ද්‍ර යන පොකුරු ජලාශවල වාන් දොරටුද විවෘත්ත කර ඇත.

    WIMALASUREENDRA_DAM.jpg

    ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජල විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

    ජලවිදුලි බලාගාර ජලාශ පිටාර ගැලීමෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවතින නිසා ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    අධික වර්ෂාවත් සමග කාසලරී ජලාශයද පිටාර මට්ටමට ආසන්ව පවති.

    Latest News