ගැටඹේ රාජෝපවනාරාමය අසළ මහවැලි ගං ඉවුරේ පැති බැම්මේ ඉදිකිරීම් ඇරඹේ

අගෝ 02, 2021

    මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමය විහාරස්ථානය අසළ මහවැලි ගං ඉවුරේ පැති බැම්ම ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා.

    වැය කෙරෙන මුදල රුපියල් මිලියන 210ක්. විහාරස්ථාන ඇතුළු අවට ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා මේ බැම්ම ඉදි කෙරෙනවා. ඒ විහාරාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින්වහන්සේ 2012 වසරේ එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන් කළ ඉල්ලීමක් අනුවයි. ඒ අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර ඇත්තේ. ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද එක්ව සිටියා.

    Latest News