එන්නත් මාත්‍රා එක් කෝටි එක් ලක්ෂ 19,124ක් මේ දක්වා මෙරට ජනතාවට

ජූලි 28, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව තුන් ලක්ෂ 38,914 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ.

    එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 28,054ක්. ෆයිසර් එන්නත 30 දෙනෙකුට ඊයේ ලබාදුන්නේය. මොඩර්නා එන්නත ඊයේ ලබාගත් පිරිසට 13,465 දෙනෙකු ඇතුළත්.
    ඉකුත් දින 7 තුළ මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව විසි එක් ලක්ෂ 20,862ක්. එන්නත් මාත්‍රා තුන් ලක්ෂ 80,463ක් ඊයේ ලබා දී තිබේ.

    ඉකුත් 25 වැනිදා නිකුත් කළ වාර්තාවට අනූව වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස සියයට 68.17 දක්වා ඉහළ ගොස් තිබේ.

    වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ බස්නාහිර පළාතටයි. එය සියයට 87.42ක්.

    කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 83.47කට, ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 92.79කට සහ කළුතර දිස්ත්‍රික්කයේ සියයට 85.01කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබේ.

    Latest News