නගර 100 සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ජූලි 27, 2021

    නගර සියයේ සංවර්ධන ව්‍යාපෘතිය අද කුරුණෑගලින් ආරම්භ වෙයි.

    මෙතෙක් නිසි සංවර්ධනයකට ලක් නොවූ නගර ක්‍රමවත් හා අලංකාර ලෙස සකස් කිරීම මෙහි අරමුණයි. කුරුණෑගල, හිරිපිටිය නගරයේ දී අද උදෑසන 10.30ට සමාරම්භක උත්සවය පැවැත්වෙයි.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිතයි. නගර සියය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, නාගරික සංවර්ධන අධිකාරියයි.


    නගරයකට රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 2,000ක් මීට වෙන්කර ඇති බවයි, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ.

    අද පෙරවරු 10.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සමාරම්භක උත්සවය සජීව ලෙස විකාශය කෙරේ. 

    Latest News