බදුයුදීන් නිවසේ පිලිස්සී මිය ගිය දැරියගේ නඩුව අද පස්වරු 1.30 ට

ජූලි 26, 2021

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිලිස්සී බලයට පත්වීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

    අනතුරුව මෙම පැමිණිල්ල දහවල් 1.30 කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළා

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු මේ වනවිට පොලිසිය භාරයේ පසු වෙනවා.

    Latest News