පළමු වසරේ පන්තියක ළමුන් 40 දක්වා වැඩි කිරීමට එරෙහිව පෙත්සමක්

ජූලි 26, 2021

    ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් රජයේ පාසැල්වල පළමු වසර සඳහා සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    ලංකා ගුරු සංගමය සහ එහි ප්‍රධාන ලේකම් ලේකම් ජෝසප් ස්ටාලින් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    ඒ වග උත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් නම් කර තිබෙනවා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගයකට අනුව ජාතික පාසැල්වල සියලු පන්ති සඳහා සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 කට සීමාකර තිබූ බවයි.

    එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉකුත් මැයි මස 28 වනදා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් පළමු වසර සඳහා රජයේ පාසල්වල පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට. තීරණය කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මෙන්ම අධ්‍යාපන සේවා පනත් විධිවිධානවලට පටහැනි බව ද කියා සිටියා.

    ඒ අනුව පළමු වසර පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News