තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

ජූලි 19, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද අලුයම දිවයිනට ලඟා වුනා.

    ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට රැගෙන එනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. ඒ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්. පසුගිය 12 වනදා ද ෆයිසර් එන්නත් මාත්‍රා විසිහත්දහසක් දිවයිනට රැගෙන එනු ලැබුවා. අද රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ තුන්වන ෆයිසර් මාත්‍රා තොගයයි. එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාලවිලයන මධ්‍යස්ථානයේ නවීකරණය කර ඇති අධිශීතකරණවල තැන්පත් කෙරුණා.

    Latest News