කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ 7වැනි පෙරහැර අද

ජූලි 16, 2021

    කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ හත්වැනි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.

    හයවැනි පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළේය. පෙරහැර ආරම්භ කෙරුණේ, රාත්‍රී 8.12ට යෙදුණු සුබ මොහොතින්. එය පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන් කර ඉපැරණි චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව, නැවත මහ වීථිය ඔස්සේ මහා දේවාලය වෙත ගමන් කිරීමෙන් අනතුරුව 6 වැනි පෙරහැර නිමාවට පත්විය.

    කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා එම නිලයට පත් වීමෙන් අනතුරුව පළමුවෙන් පෙරහැරේ ගමන් ගත්තේ ද ඊයේ දිනයි.

    පෙරහැරට උඩරට,පහතරට,සබරගමුව නර්තනාංග හා කතරගම පෙරහැරට ආවේනික නැටුම් රැසක් එක් කර තිබිණ.

    Last modified on සිකුරාදා, 16 ජූලි 2021 12:23

    Latest News