මිහින්තලය ජනතාවට ඉඩම් ඔප්පු

ජූලි 15, 2021

    මිහින්තලය ආසනයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

    අප වාර්තාකරු පවසන්නේ එම පවුල් ස්ථීර ඉඩමක් නොමැති වීම හේතුවෙන් වරස ගණනාවක සිට දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටි බවයි.

    ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු කෙරුණේ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාගේ සහභාගීත්වයෙන්. මෙහිදී 45 දෙනෙකුට ඔප්පු පිරිනැමුණු අතර බලපත්‍ර 27ක් ද ප්‍රදානය කරනු ලැබීය.

    තම ගැටලුවට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් ඉඩම් ඔප්පු ලාභීන් රජයට ප්‍රසාදය පළ කර සිටියේය.

    Latest News