මෙරට දිනක් තුල දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ

ජූලි 14, 2021

    කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට දිනක් තුල වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.

    වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඊයේ එන්නත් මාත්‍රා 337,445ක් ලබාදීමට පියවර ගත් බවයි.

    සිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 289,122ක්. එහි දෙවන මාත්‍රාව ඊයේ 32,385 කට ලබා දී තිබෙනවා. ස්පුට්ටික් V එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 15,202කට ලබාදී ඇති අතර ෆයිසර්ට එන්නත ලබාගෙන ඇති පිරිස 700 දෙනෙකි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 36 දෙනෙකුට ලබා දී තිබෙනවා.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 6,057,769ක්. ඉකුත් දින 07 තුළ පමණක් ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව
    1,413,774ක්. ඊයේ මාත්‍රා 337,445ක් ලබා දී ඇති අතර එය මේ දක්වා දිනක් තුළ ලබාදී ඇති වැඩිම එන්නත් සංඛ්‍යාවයි. ලක්ෂ තුන ඉක්මවා එන්නත ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එන්ත්කරණය අදත් සාර්ථක ක්‍රියාත්මකයි.

    Latest News