රුපියල් දස කෝටියක පමණ කේරල ගංජා සමඟ 3ක් අත්අඩංගුවට

ජූලි 12, 2021

    රුපියල් දස කෝටියක පමණ කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අද අලුයම උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 344 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුනා. ඔවුන් අවුරුදු 34 සහ 38 වයස්වල පසුවන නාච්චිකුඩා, මන්නාරම හා යාපනය ගුරු නගර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

    ඔවුන් ඉදිරි විමර්ශන සඳහා කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පැවසීය.

    Latest News