පොඩයිස් වත්තේ නිවාස 25ක් ජලයෙන් යට වෙයි

ජූලි 10, 2021

    කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා, දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් දික්ඔය පොඩයිස් වතු යායේ වතු නිවාස 25ක් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පවසයි.

    අද (10) අලුයම 2.00ට පමණ වතු නිවාස අසළින් ගලා බසිනා දික්ඔය ඇල පිටාර ගැලිම නිසා තම නිවාස වල ජලය කාන්දු වු බවයි එම නිවාසවල පදිංචි වතු කම්කරුවන් කියා සිටින්නේ.

    මේ වන විට නිවාස වලට කාන්දු වී තිබු ජලය තරමක් බැස ගොස් ඇති අතර, අවතැන්වුවන්ට අවශ්‍ය පිසු ආහාර සහ පහසුකම් සැලසීමට නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව කටයුතු කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 10 ජූලි 2021 10:13

    Latest News