අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩ භාරගනී

ජූලි 08, 2021

    මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් බැසිල් රාජපක්ෂ මහතා මීට සුළුවේලාවකට පෙර සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගෙන තිබේ.

    බැසිල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

    ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තෝරා පත්කර ගත් අතර ඒ මහතාගේ නම ඊයේ (07) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබුණි.

    කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම සිදුවිය.

    අමාත්‍යාංශ විෂය පථ සංශෝධ‍නය විමත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම ද අද පෙරවරුවේ සිදුවිය.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ සිටියදී ඔහු යටතේ පැවැති ආයතන හා කාර්යය කිහිපයක් ඔහු නව අමාත්‍ය ධුරය දරණ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

    Latest News