ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,243ක්

ජූලි 08, 2021

    ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හමුවුණා.

    ඉන් වැඩිම පිරිස වූ 223 දෙනා කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගත් අතර කොළඹින් ආසාදිතයින් 183 දෙනෙකු හා ආසාදිතයින් 168 දෙනෙකු ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්.

    ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 268,676 ක්. ඒ අතුරින් 27,232 නෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

    මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 238,131 ක්.

    ඊයේ දිනයේ ද කොරෝනා මරණ 38 ක් සිදුවූ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඉන් 21 දෙනෙකු කාන්තාවන් වන අතර 17 දෙනෙකු පිරිමි පුද්ගලයින් වනවා.

    ඒ අනුව මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,351 දක්වා ඉහළ ගියා.

    Latest News