බැසිල්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන

ජූලි 08, 2021

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(8) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

    ඒ මහතාට අසුන් ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවා තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    ඊට අමතරව ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට ද නියමිතව තිබේ.

    ඒ අනුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

    ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් එය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළේය.

    අනතුරුව එම කොමිසමේ ඒකමතික තීරණය අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණි.

    Latest News