සහතික මිලකට යල කන්නයේ වී මිලදී ගන්න කැබිනට් අනුමැතිය

ජූලි 06, 2021

    මෙවර යල කන්නයේ වී, සහතික මිලක් යටතේ වී අලෙවි මණ්ඩලයට මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 50කට, සම්බා වී කිලෝවක් රුපියල් 52කට, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

    මෙවර යල කන්නයේ වී මෙට්‍රික්ටොන් 1,500,000ක පමණ සමස්ත වී අස්වැන්නක් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කර ඇත.

    Latest News