සත්ව අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීමෙන් කෙසෙල්ගමුඔය අපවිත්‍රයි

ජූලි 03, 2021

    විමලසුරේන්ද්‍ර ජලාශයට සත්ව ගොවිපලක අපද්‍රව්‍ය බැහැර කිරිම නිසා කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් දැඩි අසිරුතාවයට පත්ව තිබේ.

    විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් වූ වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක ගොම දියර සහිත අපද්‍රව්‍ය විමලසුරේන්ද්‍ර ජලාශයට, ජලය ගලා බසිනා ඇළ මාර්ගයට ගලා බැසීම නිසා විශාල පරිසර හානියක් සිදු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    ජලය සමග ගොම දියර සහ ගවයන්ගේ මලපහ ගලා බැසීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් හමන බවත්, මේ සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසියටද අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇති බවයි, ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.

    වටවල සත්ව ගොවිපලේ සිට විමලසුරේන්ද්‍ර ජලාශය දක්වා ජලය ගලා බසිනා ඇළ මාර්ගය දෙපස වතු ආශ්‍රිත ජනතාවත්,නෝටන්බ්‍රිජ් ජලාශය අවට පදිංචිකරුවන් විශාල පිරිසක් එම ජලය දෛනික කටයුතු සදහා පරිහරණය කරයි.

    ජලාශවේල්ලට පහළින් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් විශාල පිරිසක් එම ජලය පරිහරණය කරන නිසා පවත්නා තත්ත්වය මත එම ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවද ප්‍රදේශවාසීන් කියා සිටියි.

    මේ සම්බන්ධයෙන් අප නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ සත්ව ගොවිපලේ බැහැර කරන අපද්‍රව්‍ය ඇළ මාර්ගයට මුදා නොහරින ලෙසට, එම සත්ව ගොවිපලේ පාලන අධිකාරියට අවස්ථා කිහිපයකදී දැනුම් දුන් බවයි.

     

    01 1 3

    01 3 4

    01 7

    01 9

    Latest News