කෙසෙල්ගමු ඔයේ ගිලී ජීවිතයක් අතුරුදන්

ඔක් 01, 2019

    කෙසෙල්ගමුඔයේ සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියාගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොලිසිය, නාවික හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.

    අතුරුදහන් වී ඇත්තේ බගවන්තලාව, කිලානි වත්තේ පදිංචිව සිටි පෙරුමාල් මනොහරන් නැමති දෙදරු පියෙකි. කෙසෙල්ගමුඔයේ ජලය පිටාර ගැලිමත් සමග එම මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසෙන් මෙම පුද්ගලයා සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබේ.

    ඔහු බේරා ගැනිමට අනෙක් පිරිස උත්සහ කර ඇතත් එය ව්‍යාප්ත වි ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ. අතුරුදහන් වු දෙදරු පියාගේ සිරුර සොයා බගවන්තලාව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ රාත්‍රියේ සිට කෙසෙල්ගමුඔය දිගේ මෙහෙයුමක් දියත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 09:44

    Latest News