ඊයේ එන්නත් මාත්‍රා අසූපන් දහස් 683ක් ජනතාවට

ජූලි 03, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා අසූපන් දහස් 683ක් ඊයේ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් එන්නත්කරණය අඛණ්ඩව ක්‍රියාත්මකයි. 

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව හතළිස් එක් ලක්ෂ විසි දෙදහස් 829ක්. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 26,192ක්.

    එහි දෙවැනි මාත්‍රාව ඊයේ 58,141 දෙනෙක්ට ලබා දී ඇත.

    ඉකුත් දින 7 තුළ පමණක් එන්නත් මාත්‍රා හය ලක්ෂ අනූ එක් දහස් 644ක් ලබා දී ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. ඒ ජුනි මස 26 වැනි දා 35,864ක්, 27 වැනිදා 49,703ක්, 28 වැනිදා 69,919ක්, 29 වැනිදා එක් ලක්ෂ 6998ක් වශයෙන්. 30 වැනිදා ලබා දී ඇති එන්නත් මාත්‍රා ගණන එක් ලක්ෂ හැත්තෑතුන් දහස් 520ක්. එය මෙතෙක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා සංඛ්‍යාවයි.

    ජුලි පළමුවැනිදා එන්නත් මාත්‍රා එක් ලක්ෂ හැට නව දහස් 957ක් ලබා දුන්නේය. ඊයේ එන්නත් මාත්‍රා සංඛ්‍යාව 85,683ක් ලබා දුන්නේය. එන්නත්කරණය අදත් ක්‍රියාත්මකයි.

    Latest News