කොටවෙහෙරගල යාය කඳු රක්ෂිතයේ ගින්නක්

ජූලි 03, 2021

    වැල්ලවාය, කොටවෙහෙරගල යාය කදු රක්ෂිතයේ විශාල ගින්නකින් අක්කර සියයක් පමණ විනාශ වී තිබේ. 

    පස්වරුවේ හටගත් ගින්න රාත්‍රිය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර පසුව වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.  

    මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වී තිබේ. 

    කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට,පොලිසිය සැකපල කරයි.  

    සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකරයි.

    Last modified on සෙනසුරාදා, 03 ජූලි 2021 09:21

    Latest News