කෙසෙල්ගමු ඔයට කසළ තේ මිශ්‍ර කිරීම ගැන විමර්ශනයක්

ජූනි 26, 2021

    කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට කසල තේ මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

    කාසල්රි ජලාශයේ සිට බගවන්තලාව දක්වා කෙසෙල්ගමුඔය කිලෝමිටර් 20ක් පමණ දුරට ගලා බසින අතර,එම ඔය දෙපස පිහිටි තේ කර්මාන්ත ශාලාවකින් ඉවතලන කසල තේ ජලයට මිශ්‍රකර ඇත.

    ඔය දෙපස ජලය පරිහරණය කරන අය දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර,ඔයේ ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා ජෛව විවිධත්වයට සහ මත්ස්‍ය සම්පතයට දැඩි බලපැමක් එල්ල වී තිබේ.

    තේ කර්මාන්ත ශාලාවල ඉවතලන කසල තේ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරිමට නිසි පරිසර ක්‍රමවේදයක් අනුගමනය නොකර සෘජුවම කෙසෙල්ගමුඔයට මුදා හරින බවයි, ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

    තේ කර්මාන්ත ශාලාවල ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින්ද කෙසෙල්ගමුඔය දෙපස පිහිටි තේ වතුවල වතු අධිකාරිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

    01 6 3

    01 5 6

    1

    Last modified on සෙනසුරාදා, 26 ජූනි 2021 10:04

    Latest News