දිස්ත්‍රික්ක 04ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

ජූනි 30, 2021

    දිස්ත්‍රික්ක 04 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6.00 යේ සිට හුදෙකලා කර තිබේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේ, බිබිල පොලිස් බල ප්‍රදේශයේ කනුල්වෙල ග්‍රාම නිලධාරී වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරී වසමේ නියදුරුපොල අංක 01,02,03 සහ 04 යන වතු නිවාස එලෙස හුදෙකලා කර ඇත.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයට අයත් කන්නගම ග්‍රාම නිලධාරී වසමේ දේවාලකන්දවත්ත කොටස සහ ගොඩම්පල ග්‍රාම නිලධාරී වසමේ පඹේගමවත්ත ද අද උදෑසන 6.00 යේ සිට හුදෙකලා කර තිබේ.

    කලුතර දොඩන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, ඇලදූව ග්‍රාම නිලධාරී වසමේ ඇලදූවවත්ත සහ ගාල්ල ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පරණ කොළණිය ග්‍රාම නිලධාරී වසමට අයත් දිවිතුරුවත්ත ප්‍රදේශය ද අද උදෑසන 6.00 යේ සිට හුදෙකලා කළ ඇත.

    Latest News