කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක රැසක අදත්....

ජූනි 29, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    ජනතාවට ඊයේ එන්නත් මාත්‍රා 69,919ක් ලබාදී තිබේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව තිස්පන් ලක්‍ෂ 75,996ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 1,141 දෙනෙකුට ලබා දුන්නේය. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 30,966ක්. සෞඛ්‍ය අංශ පවසන්නේ එහි දෙවන මාත්‍රාව ඊයේ 37,812කට ලබාදුන් බවයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අදත් ක්‍රියාත්මක කෙරිණ.

    Latest News