අද උදෑසන සිට පහත ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස්

ජූනි 30, 2021

    හුදකලා කර තිබූ කළුතර, ගම්පහ, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක හුදකලාබව ඉවත් කර තිබේ.

    ඒ් අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මිනේරිතැන්න සුනාමි ගම්මානය , ගම්හප දිස්ත්‍රික්කයේ, සියබලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ උපුල් වසන්ත මාවත, මාතලේ දිස්ත්‍රික්කයේ කිවුලාවාඩිය හා ගුරුවෙල ග්‍රාම නිලධාරී වසම් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඩෙන්ස්වර්ත් වත්ත යන ප්‍රදේශවල හුදකලා බවින් නිදහස් කර ඇත.

    Latest News