21 වැනිදා සිට දුම්රිය 17ක් ධාවනයට

ජූනි 19, 2021

    සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ලබන 21 වැනිදා උදෑසන 4.00 සිට 23 වැනිදා රාත්‍රී 10.00 දක්වා දුම්රිය 17ක් පළාත් තුල ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 4ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 3ක් ධාවනයට එක් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 20:05

    Latest News