සියලු දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි

ජන 25, 2021

    සියලු දුම්රිය, අද සිට සාමානය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව දුම්රයි ගමන් කිහිපයක් ධාවනය නතර කර තිබිණ.

    ඒ අනුව දුර ගමන් සේවා සියල්ල ද අද සිට ආරම්භ වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

    සුඛෝපභෝගී දුම්රිය සේවා හා පාර්සල් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබේ.

    රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.

    සෞඛ්‍ය නිර්දේශ අනුව සියලු දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

    Latest News