ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද දුම්රිය 10කට පමණයි

නොවැ 15, 2021

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ විජයරජදහන දුම්රිය ස්ථාන අතර මාර්ගයේ කොටසක් ගිලාබැසීමෙන් හානි සිදුවීම නිසා අද (15) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය නොවන බව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. ඒ අනූව කොළඹ කොටුව දක්වා දුම්රිය 10ක් පමණක් ධාවනය සිදුවෙයි.

    මාර්ගය අවහිර වී ඇති ස්ථානය දක්වා දුම්රිය තුනක් සහ මාර්ග අවහිර වී ඇති ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එම දුම්රියන්ට සම්බන්ධ වීමට දුම්රිය තුනක් ද ධාවනය වෙයි. වේයන්ගොඩ සිට දුම්රිය 4 ක්, ගම්පහ සිට දුම්රියක් සහ රාගම සිට දුම්රිය දෙකක් ධාවනය කෙරේ.


    ● රඹුක්කන සිට කොළඹ කොටුව (පිටත්වීම 5.57)
    ● පොල්ගහවෙල සිට කොළඹ කොටුව (පිටත්වීම 5.25)
    ● කුරුණෑගල සිට කොළඹ කොටුව (පිටත්වීම 6.20)
    ● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 5.05)
    ● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 6.30)
    ● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.00)
    ● වේයන්ගොඩ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.18)
    ● ගම්පහ සිට කොළඹ කොටුව (පිටත්වීම 7.35)
    ● රාගම සිට කොළඹ කොටුව (පිටත්වීම 7.25)
    ● රාගම සිට කොළඹ කොටුව (පිටත්වීම 7.57

    Latest News