හෙරොයින් කිලෝ 52ක් සමග පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

ජූනි 19, 2021

    අතුරුගිරිය හා ගෝනපීනුවල ප්‍රදේශවල ඊයේ කළ විශේෂ පොලිස් මෙහෙයුමක දී හෙරොයින් කිලෝ 52ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනිණ.

    මේ අතර,නීති විරෝධී ලෙස ආනයනය කරන ලද විදේශීය දුම්වැටි තොගයක් ජා ඇල සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී සොයගනු ලැබීය.

    රුපියල් විසි හය ලක්ෂයක් පමණ වූ දුම්වැටි තොගයට දුම්වැටි 40,000ක් ඇතුළත්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 11:29

    Latest News