මේ දක්වා එන්නත් තිස් දෙලක්ෂ 17,818ක් ජනතාවට

ජූනි 19, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ජනතාවට මේ දක්වා ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් දෙලක්ෂ දාහත් දහස් 818ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 1258 දෙනෙකුට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගෙන ඇති පිරිස 22,419ක්.

    එහි දෙවැනි මාත්‍රාව ඊයේ 34,476 දෙනෙකුට ලබාදි ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 16,709 දෙනෙකු ලබා ගෙන තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 27,00ක්. එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News