වැල්ලවත්ත සිට කොළඹ දෙසට මංතීරුවේ වාහන ධාවනයට සීමා

ජූනි 14, 2021

    ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා වාහන ගමනාගමනය අද (14) සිට සීමා කරන බව පොලිසිය පවසයි.

    කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ මලාපවහන නල මාර්ගයක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් මෙම සීමා කිරීම සිදුකර තිබේ.

    ඒ අනූව, එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස වැල්ලවත්තේ මුහුදුබඩ මාර්ගයෙන් ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

    Last modified on සදුදා, 14 ජූනි 2021 14:55

    Latest News