72 සැමරීමට නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

ජන 25, 2020

    72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පෙළපාලිය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    ඒ අනුව හෙට ලබන 31, 02 , 03 සහ නිදහස් දිනයේදී එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

    එම දිනයන්හි දී උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව පොලීසිය දැනුම් දේ.

    පොලීසිය ප්‍රකාශ කළේ, තවත් මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කරන බවයි.

    Latest News